ගත්ත නිධානයකුත් නෑ..දුවන්න හයියකුත් නෑ ..අපොයි අවසානෙට සිද්ද වුණ දෙයක්..

Sri Lanka Police Sri Lanka Heart Attack Death
By Piyumika Oct 26, 2024 03:29 AM GMT
Piyumika

Piyumika

Report

තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිධන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබූ අතර එක් සැකකරුවකු බිම වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය ප්‍රකාශ කළා.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 56 ක් වන රණසිරිපුර, වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කළේ.

වසර එක හමාරකටත් අධික කාලයකට පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද...

වසර එක හමාරකටත් අධික කාලයකට පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද...

පුද්ගලයන් පිරිසක් තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ නිදන් හාරන බවට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිට පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ දී නිධන් හාරමින් සිටි සැකකරුවන් පලා ගොස් තිබුණා.

පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැද ගිය අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි මීටර් 100ක් පමණ දුරින් වැටී සිටි අවස්ථාවේදී රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

අනතුරුව පොලිස් නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ පුතා පවසා ඇත්තේ මියගිය පුද්ගලයා කලක පටන් හෘදයාබාධයකින් පෙළී ඇති බවයි.

නිධන් හෑරූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන අතර තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.