යතුරුපැදි සොරකමට කප් ගැසූ අයෙක් මාට්ටු ..
By Piyumika
විවිධ ප්රදේශවල නවතා තිබූ යතුරුපැදි සූක්ෂම ලෙස සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
වැල්ලවාය සහ බිබිල පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඔය වෙන අය අම්මා කිව්ව කිය කිය පැති මාරු කලාට අපේ දරුවෝ දන්නවා හරි දේ..රත්තරන්ගේ රැස්වීම මැදදී නැගිටලා ආපු හඳපාන්ගොඩ කියන කතාව..
මෙම සැකකරු විසින් අයිතිකරුවන් විසින් නවතා තබා යන යතුරු පැදි ක්ෂණිකව පණ ගන්වා පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වනුයේ .
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී එලෙස සොරාගත් යතුරු පැදි 09ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඉන් යතුරු පැදි 02ක් වැල්ලවාය ප්රදේශයේදී පැහැරගත් යතුරු පැදි බවයි පොලීසිය සඳහන් කර සිටියේය .
සැකකරු මොණරාගල ඔබ්බෙගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයෙක් වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.