නිවස මතට වැටුනු කොස්ගස නිසා දස හැවිරිදි දරුවකුට බරපතලයි..තවත් තුනක් රෝහලේ ..
By Piyumika
පැවති වර්ෂාවත් සමඟ හැමූ දැඩි සුළඟකින් පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේ නිවසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තාවේ .
ඔවුන්ව ඊයේ (05) දින සවස් කාලයේ රෝහල්ගත කළ බවයි පාදුක්ක පොලීසිය පැවසුවේ .
ගස කඩා වැටීමෙන් අදාළ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවස අසල නවතා තිබූ වෑන් රථයකටද දැඩි ලෙස හානි වී ඇත.හමාගිය දැඩි සුළං තත්ත්වය නිසාවෙන් විශාල කොස් ගස මුලින්ම ඉදිරි වැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ දස හැවිරිදි දරුවෙකු අඹුසැමි යුවළක් සහ අසල්වාසී කාන්තාවක් පාදුක්ක දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.