පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

Police spokesman Sri Lanka Police Kegalle Latest Headlines Decision Making
By krishani May 22, 2024 04:36 PM GMT
krishani

krishani

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහට ලක් වන වීඩියෝවක් සංසරණය වේ.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO) | A Notification From The Police Media Division

ඒ රථවාහන රාජකාරීයේ යෙදී සිටින කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් සහ රියදුරෙකු අතර වන සංවාදයක් ඇතුළත් වීඩියෝවක් ය.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ කෑගල්ල, පින්දෙණිය පොලිස් වසමේදී මෙම සිද්ධිය සිදුව ඇති බව යි.

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)


එයට සම්බන්ධ රියදුරුට මෝටර් වාහන පනතේ 12 - 2 ප්‍රතිපාදනවලට යටත්ව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව රුපියල් 5000 ක දඩයක් නියම කළ කර ඇත.

ඒ ඔහු ගමන්ගත් ත්‍රී රෝද රථයේ නිසි පරිදි පවරා නොගෙන එහි හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ය.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.


කෙසේ වෙතත්, අදාළ පොලිස් කොස්තාපල්වරිය ත්‍රිරෝද රථයේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී එහි ආදායම් බලපත්‍රය මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකුටත් රක්ෂණාවරණය දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත් අයත් වීම හේතුවෙන් මෙලෙස ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.