පොලිසියෙන් දැනුම් දීමක්...

Report

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙනවා.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බවයි.

රනිල් අල්ලස් කොමිසමට එන්න දින දෙයි

රනිල් අල්ලස් කොමිසමට එන්න දින දෙයි

මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබෙන්නේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවයි.

මේ අතර සිරි දළදා වන්දනාව අද (25) 8 වන දිනටත් පෙරවරු 11ට ආරම්භ කෙරුණා.

දළදා ප්‍රදර්ශනයේ හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදි.

දළදා ප්‍රදර්ශනයේ හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදි.