මැතිවරණ මෙහෙයුම් කාර්යාලවලට කොමිසමෙන් දැනුම්දීමක්...

Report

සැප්තැම්බර් 19 වැනිදා මධ්‍යම රාත්‍රිය වනවිට සියලුම මැතිවරණ මෙහෙයුම් කාර්යාල වසා දැමිය යුතු බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ (පර්යේෂණ හා සැලසුම්) චන්න.පී. ද සිල්වා පැවසුවේ ය.

ලබන එකොලොස්වනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ලබන එකොලොස්වනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ඉකුත් 07 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පවසා සිටියේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ, රාජ්‍ය දේපල අවභාවිත කිරීම, පත්කිරීම් හා උසස්වීම් ලබාදීම, උත්සව, ජංගම සේවා, වෙළෙඳ ප්‍රදර්ශන හා විවිධ පහසුකම් ලබාදීම ආදිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට එය අවසාන වනතුරු සිදුකළ නොහැකි බව ය.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි...

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි...

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වියදම් කරන ලද සමස්ත වියදම් වාර්තාව ලබාදීමට අපොහොසත් වන්නේ නම් එම අපේක්ෂකයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පවසා ඇත.

තව ද, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ , වාර්තාව දෝෂ සහගත වන්නේ නම් විශේෂයෙන් ප්‍රමාණය ඉක්මවා වියදම් කර ඇත්නම් හෝ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර ඇත්නම් ජයග්‍රහණය ලබා සිටියද එවැනි අපේක්ෂකයකුගේ තනතුර අහිමිවන බව ය.