විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sinhala news
By Hashini May 24, 2025 07:50 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්හටයි.

පළාත් සභා පිහිටුවීමේ අවුලක

පළාත් සභා පිහිටුවීමේ අවුලක

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවයි.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 

නිළි රැජිණියගේ අවසන් කටයුතු ගැන නිවේදනයක්

නිළි රැජිණියගේ අවසන් කටයුතු ගැන නිවේදනයක්

ReeCha