පළාත් සභා පිහිටුවීමේ අවුලක
මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් පාලන ආයතන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයකට ලක්ව ඇති බවයි.
ඒ බොහොමයක් සභිකයන්ගේ නම් ලැයිස්තු තවමත් ලැබී නොමැති හෙයිනි.
මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පැවසුවේ දැනට ලැබී ඇති සභිකයන්ගේ නම ලේඛනය ගැසට් කිරීමට කටයුතු කර ඇති බවයි.
ලැබෙන ලැබෙන පරිදි නාම ලේඛන ගැසට් කරන බවද ඔහු පැවසිය.
පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත අනුව සියලුම පළාත් පාලන ආයතන ලබන ජුනි මස දෙවනිදාට පෙර පිහිටවිය යුතුය.
සභිකයන් නම් කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල හටගෙන ඇති විවිධ අර්බුද හේතුවෙන් සභික නාම ඉදිරිපත් කිරීම මෙසේ ප්රමාද වී ඇති බව වාර්තා වනවා.