විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් .....
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, https://onlineexams.gov.lk/eicසබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සලසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lkසහ http://www.results.exams.gov.lkයන වෙබ් අඩවි ඔස්සේ ද ප්‍රතිඵල ලබා ගත හැකිය.
සියලුම විදුහල්පතිවරුන් හට https://onlineexams.gov.lk/eicසබැඳියට පිවිසීම මඟින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ද ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර https://onlineexams.gov.lkසබැඳිය මඟින් පළාතේ/කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගැනීම/නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවතිනවා.
පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන, විදුහල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බව දැනුම් දී ඇත.
ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා https://onlineexams.gov.lk/eicසබැඳිය ඔස්සේ 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
