හිරුණිකාට එකවරම කළ දැනුම්දීම.. එදාට අනිවාර්යයෙන්ම ඉන්න ඕන..

Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියෝග කර ඇත.

රටම බලන් හිටිය, හිටපු ඇමති කෙහෙලියගෙ නඩුව.. අධිකරණය මේ දැන් දුන් විශේෂ නියෝගය මෙන්න..

රටම බලන් හිටිය, හිටපු ඇමති කෙහෙලියගෙ නඩුව.. අධිකරණය මේ දැන් දුන් විශේෂ නියෝගය මෙන්න..


ඒ ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී ය.

එහිදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.


ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළේ ය.

එයට අමතරව නඩු දිනයේ වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු වේ.

කාලගුණය දැනෙන්න වෙනස් වෙයි.. අද රෑ වෙන දේ මෙන්න..

කාලගුණය දැනෙන්න වෙනස් වෙයි.. අද රෑ වෙන දේ මෙන්න..


පැමිණිලිකරු කියා සිටියේ කාන්තාවකට පහර දුන් බව කිය සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නියෝගය විවේචනය කරමින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ බව ය.

කෙසේ වෙතත්, මේ තුළින් ඇය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඇයට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.