දරුවන්ට වාසගම දෙන අලුත්ම ක්‍රමයක් එයි..අම්මටත් විශේෂ තැනක්.

International Day of Innocent Children Victims of Aggression
By Aruna Apr 29, 2022 05:34 AM GMT
Aruna

Aruna

Report

දරුවන්ට වාසගම දෙන අලුත් ක්‍රමය මෙන්න.

ඉතාලිය, දරුවන්ට වාසගම ලබාදීමේ ක්‍රමය නව ආරයකට හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී දරුවන්ට දෙමාපියන් දෙදෙනාගේම වාසගම ලබා දිය යුතු වන අතර සියලුම අලුත උපන් බිළිඳුන්ට ඔවුන්ගේ පියාගේ නමින් ස්වයංක්‍රීයව නම් කරන සම්ප්‍රදාය අවලංගු කිරීමට මෙමගින් තීරණය කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම ක්‍රියාවලිය වෙනස් කිරීමට ඔවුන් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ,මෙසේ එක් නමක් පමණක් භාවිතා කිරීම දරුවා වෙනස් කොට සැලකීම සහ අනන්‍යතාවයට හානියක් සිදුවෙන බැවින් දෙමාපියන් දෙදෙනාටම වාසගම තෝරා ගැනීමට හැකි විය යුතු බවයි.

එසේම, දරුවන්ට දෙමව්පියන් දෙදෙනාගේම වාසගම ඔවුන් තීරණය කරන අනුපිළිවෙලට මෙහිදී ලබා දීමට හැකියාව ලැබෙන අතර, ඔවුන් එකඟ නොවන්නේ නම් පමණක්, ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ගෙන් එක් අයෙකුගේ පමණක් වාසගම ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය වන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් වූ අතර, ඇමතිනී ( Elena Bonetti එලේනා බොනෙට්ටි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටියේ මෙම ක්‍රියාවලිය සඳහා එරට රජය පාර්ලිමේන්තුවට පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now