සත පහක් වියදම් වෙන්නෙ නැති, වීසා නැතුව යන්න පුලුවන් අලුත්ම ක්‍රමයක්?.

Report

තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් විශේෂ අනුමත කිරීමක් සිදුකර තිබෙනවා.

සත පහක් වියදම් වෙන්නෙ නැති, වීසා නැතුව යන්න පුලුවන් අලුත්ම ක්‍රමයක්?. | A New Visa System From Thailand

ඒ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා වන වීසා ප්‍රවර්ධනයන් මාලාවක් සඳහා ය.

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා සඳහන් කළේ වීසා රහිත සහ වීසා මත පැමිණීමේ යෝජනා ක්‍රම, සිසුන් සඳහා වැඩි කාලයක් රැඳී සිටීම සහ විශ්‍රාමිකයින් සඳහා අනිවාර්ය සෞඛ්‍ය රක්ෂණය අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග එයට ඇතුළත් වන බව ය.

ඒ අනුව ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය ඇතුළු තවත් රටවල් 36 ක සංචාරකයින්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු විය හැකි වේ.

වීසා නොමිලේම ගන්න පුළුවන් මේ විදිහ දැනගෙන හිටිය ද?.. - හැබැයි මෙන්න මේ අයට විතරයි..

වීසා නොමිලේම ගන්න පුළුවන් මේ විදිහ දැනගෙන හිටිය ද?.. - හැබැයි මෙන්න මේ අයට විතරයි..


එමෙන්ම, දින 60 ක් දක්වා රැඳී සිටීමට ද අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා පැවසීය.

තායි රජය සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාප්තිය මගින් වීසා රහිත ප්‍රවේශය සඳහා සුදුසුකම් ඇති රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා වැඩි කරන බවයි.

කෙසේ වෙතත්, මෙම මුල පිරීම සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස රඳා පවතින ජාතික ආර්ථිකය නංවාලීම අරමුණු කර ගෙන ඇති බව ද එම රජය සඳහන් කර තිබෙන බව සඳහන් වේ.