කීරි සම්බා වෙනුවට අලුත් ප්‍රභේදයක් ලංකාවට.
By Wayomi
කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් පෞද්ගලික අංශය මඟින් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව ඇති අතර වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.
මෙම සහල් තොගය ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත්තේ, දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින්.
මීට අදාල යෝජනාව ඉදිරිපත් කර තිබුණේ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසිනි.