අධිකරණයට අලුත් වැඩක් ඉදිරියේදී (VIDEO)
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසන්නේ අධිකරණය ඉදිරියේ පෞද්ගලිකව පෙනී නොසිට මාර්ගගත ක්‍රමය හරහා සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් සාදන බවයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදීයි.
මීට අදාළ ප්‍රතිපාදන සැකසීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යංශයත් මැදිහත් වී කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා,
''අධිකරණය ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටින්නේ නැතුව සමකාලීන දෘශ්‍ය මාධ්‍ය හරහා සම්බන්ධයෙන්. මේක ඉතාම සුලබ තාක්ෂණයක්. නමුත් අපේ නීතිය වෙනස් වෙලා තිබුනේ නැහැ. මේක ආරෝපණය කරගන්න. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි සැකකරුවෙක්ව අධිකරණයට ගේන්නේ නැතුව සාක්කිකරුවෙක්ව අධිකරණයට ගේන්නේ නැතුව, දුරස්ථ ස්ථානයක සිට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් කෙසේද සාක්ෂි දෙන්නේ? එහි විශ්වාසනීයත්වය රඳවන්නේ කොහොමද? යන ආදී කරුණු සාක්ෂාත් කරගැනීමට ආපු පනතක්.
දැන් විශේෂයෙන්ම මේකට සවන් දෙන නීතිඥතුමන්ලා සහ ඒ අදාළ කට්ටිය තේරුම් ගන්නට ඕනේ. දැන් මේකේ එකසිය හතළිස් හතර අයන්නේ තියෙනවා අධිකරණය ඉදිරියේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස නියම කරවීම අත්හරිනු ලබන්න පුළුවන්.
ඒවා මොන කොයි වගේද? රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම. අපි දන්නවා සැකකරුවෙක්ව සති දෙකකට රිමාන්ඩ් කරායින් පස්සේ ඒ රිමාන්ඩ් එක කරන්න නැවත ගේන්න ඕනේ උසාවිය. නමුත් මේ පනතෙන් පස්සේ ඔන්ලයින් එක හරහා කරන්න පුළුවන්. ඇප ඉල්ලා ඉල්ලීමක් විභාග කරන්න. දැන් අධිකරණයට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම් විමර්ශනයක අපරාධ නඩුවක ඉල්ලීමක් කරන්න තියෙනවා නම්, එදාට සැකකරු කැඳවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.''
