IMF පාකිස්තානේටත් කොන්දේසි දායි
By Hashini
පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව කොන්දේසි 11ක් පනවා තිබෙනවා.
ඒ ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින අවස්තාවකදියි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව පාකිස්ථානය හා ඉන්දියාව අතර පවතින යුධමය වාතාවරණය තවදුරටත් පැවතීම මෙම පියාවර ගැනීමට හේතු වී ඇති බවයි.
නව කොන්දේසි අතරට රුපියල් ට්‍රිලියන 17.6ක නව අයවැයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය, විදුලි බිල්පත් සඳහා ණය සේවා අධිභාරය වැඩි කිරීම සහ අවුරුදු 3කට වඩා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ඇතුළත් බවට වාර්තා වනවා.