කොළඹ වරායේ ඉදිරි සංවර්ධනයට ADB සහාය
කොළඹ වරායේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය තවදුරටත් ලබා දෙන බව එහි සභාපති මසටෝ කණ්ඩා මහතා පවසනවා.
තෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (24) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
එම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්රමුඛ නියෝජිත පිරිස වරායේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් සමාලෝචනය කළ අතර, ඉදිරි සංවර්ධන ව්‍යාපෘති යෝජනා සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වුණා.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළා.
කොළඹ වරායේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ බැංකුව දිගු කාලයක් තිස්සේ මූල්‍ය ආධාර සපයයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.