ඔයාටත් මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා ද?. මේ දිනවල පැතිර යන භයානක රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් මෙන්න.

Report

මේ දිනවල දිවයින පුරා පවතින්නේ වැසි සතිත කාලගුණ තත්ත්වයක් ය.

ඔයාටත් මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා ද?. මේ දිනවල පැතිර යන භයානක රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් මෙන්න. | A Nationwide Trend Of Dengue Outbreaks

ඒ හේතුවෙන් ඩෙංගු රෝගය උත්සන්න වීමේ ප්‍රවණතාවක් තිබෙනවා.

ඒ බව බෝවන රෝග ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මේ කාලය තුළ අධික උණ,ඇඟපත වේදනාව, වමනය, අධික හිසරදය, පාචන තත්ත්වය වැනි ලක්ෂණ තිබෙනවා නම් එය ඩෙංගු රෝගය ලෙස හිතන එක වඩාත් වැදගත් වෙනවා.

මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් මුලින්ම ශාරීරකව විවේක ගැනීම අත්‍යවශ්‍යයයි.

පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක හෝ වෙනත් ඖෂධ නොගත යුතුයි. වෙනත් ඖෂධ ලබා ගැනීමෙන් බරපතල සංකූලතා ඇති විය හැකියි.

රෝග ලක්ෂණ දින දෙකකට වඩා පවතිනවා නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදු කර රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. එවිට අවශ්‍යතාව අනුව රෝහල් ගත කිරීම සිදු කෙරෙනවා.

ඒ අතරතුර ජලය වගේම කැඳ, ජීවනී, තැඹිලි, දෙහි වැනි ලවණ සහිත දියර වර්ග පානය කිරීමට වග බලා ගත යුතුයි. රතු පැහැති හෝ කෘත්‍රිම රසායනික අඩංගු දියර වර්ග නොගෙන සිටීමත් වැදගත් වෙනවා. ‍

වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් ඩෙංගු රෝගය කළමනාකරණය කර තත්ත්වය බරපතල නොවන තත්ත්වයට පත් කර ගන්නට හැකියාව තිබෙනවා.

විශේෂයෙන් උණ අඩු වීමෙන් ඩෙංගු රෝග තත්ත්වය සුව වූ බව අදහස් වන්නේ නැහැ. ඉතා කුඩා දරුවන්, දියවැඩියා රෝගීන්, ගැබිණි මව්වරුන්, වයස්ගත මෙන්ම තරබාරු රෝගීන්ට සංකූලතා ඇති වීම වැඩියි. ඔවුන් කල් ඇතුව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා."