ලොරියක් ගිනිබත් කල මදුරු දඟරය..
By Piyumika
දීඝවාපි පොලිස් මුරපොළ අසල නවතා තිබූ ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයක් ඊයේ (19) අලුයම 3.50ට පමණ හදිසියේ ගිනි ගෙන තිබේ .
මෙසේ ගිනි ගෙන ඇත්තේ රජගල තැන්න සිට ප්ලාස්ටික් බඩු වෙළදාම සඳහා දීඝවාපි රජ මහා විහාරය වෙත පැමිණ තිබූ ලොරි රථයකි.
ලොරි රථයේ හිමිකරු වෙළදාම අවසන් වී රාත්‍රී නින්දට යාමට පෙර ලොරි රථය තුළ මදුරු දඟරයක් දල්වා ඇති අතර මදුරු දඟරය කාඩ්බෝඩ් කැබැල්ලක් උඩට වැටීම හේතුවෙන් ගිනි ගැනීම සිදුවී ඇති බව මුලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ .
අදාළ සිදුවීම හේතුවෙන් ලොරි රථය තුළ තිබූ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනිගෙන විනාශ වී ඇති අතර ලොරි රථයේ ඉදිරිපස ඇතුළත කොටසට බරපතළ හානි සිදුවී තිබේ .
කෙසේ වෙතත් ගිනි ගැනීම නිසා කිසිවකුට ජිවිත හානි හෝ තුවාල සිදුවී නොමැත.