ඉන්ධන පිරවුම්හලක් අසල බිහිසුණු අනතුරක්..

By Piyumika Jul 25, 2024 08:56 AM GMT
Report

මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ, දොඹගහවෙල ඉන්ධන පිරවුම්හලක් අසල දී ලොරි රථයක් හා බොලෙරෝ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (24) දින අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් කැබ් රථයේ රියැදුරු සහ සහායකයා බරපතළ තුවාල ලබා ඇති බවයි සඳහන් වනුයේ.

රැකියා සිහිනයත් අරන් පුතා යන්නම ගිහින්..

රැකියා සිහිනයත් අරන් පුතා යන්නම ගිහින්..

පොලිසිය පවසන්නේ මේවන විට ඔවුන් මොණරාගල රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි.

ලොරි රථය යතුරුපැදි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බව සඳහන් වේ.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි .