ට්‍රම්ප්ගේ වයිෆ්ගෙන් පුටින්ට ලියුමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳවන මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත පෞද්ගලික ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ පුටින්ගේ ඇලස්කා සංචාරය අතරතුර දී බව සඳහන්. එසේම මෙම ලිපිය පුටින්ගේ අතටම බාරදී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව වාර්තා වේ.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි
එමෙන්ම එම ලිපියෙන් ඇය යුක්රේනයේ සහ රුසියාවේ දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව ධවල මන්දිරය ඊයේ දින ප්‍රකාශ කර ඇත.
අමෙරිකානු ජනාධිපති බිරිඳ වන මෙලනියා ඇලස්කාවේ පැවති ට්‍රම්ප්-පුටින් සංචාරයට සහභාගි වී නොමැත.
පවුලේ හෝ භාරකරුවන්ගේ කැමැත්තකින් තොරව යුක්රේන දරුවන් දස දහස් ගණනක් රුසියාවට හෝ රුසියාව අත්පත් කරගත් භූමියට ගෙන යාම එක්සත් ජාතීන්ගේ ජන සංහාරය පිළිබඳ ගිවිසුමේ අර්ථ දැක්වීම මත යුද අපරාධයක් වශයෙන් හැඳින් වෙන බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියාව මොස්කව් සඳහන් කර සිටියේ යුද කලාපයකින් අවදානමට ලක්විය හැකි ළමුන් ආරක්ෂා කිරීමට මෙම පියවර ගන්නා බවයි.
