රට රැකියාවකට යන්න ඔබත් මේ අයට මුදල් දුන්නාද..(VIDEO)

Sri Lanka Dubai Poland Job Opportunity
By Piyumika Jun 22, 2024 02:12 AM GMT
Piyumika

Piyumika

Report

පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසා ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවන මහා පරිමාණ මුල්‍ය වංචාවේ මෙරට ඒජන්තවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ලක්ෂ ගණනින් මුදල් බැර කර ගෙන ඇත්තේ තම පෞද්ගලික ගිණුම්වලට බව මේ වන විට හෙළිව තිබේ .

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාර ගෙන යමින් සිදුකරන මෙම රැකියා ජාවාරමට මේ වනවිට මැදපෙරදිග රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් රැසක් හසුව ඇති බවත් අනාවරණය වී ඇත .

ඔවුන්ට ඉතා පහසුවෙන් යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබා දිය හැකි බවට ඩුබායි හි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ටික් ටොක් හරහා විවිධ අන්දමේ වීඩියෝ පට මුදාහරිමින් මෙය සිදු කරගෙන ගොස් ඇති අතර මෙම ටික් ටොක් පණිවිඩවලට මුලා වු මැදපෙරදිග ඇතුළු රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මොවුන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇත.

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..

එලෙස මුදල් ගෙවු පසු ලබා දී ඇති බොහෝ ලියකියවිලි ව්‍යාජ ඒවා බව මේ වනවිට හෙළිව තිබේ . මෙලෙස එම ලියකියවිලි සාදාදෙන බවට පවසා මොවුන් ලක්ෂ ගණනින් මුදල් බැර කරගෙන ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බව ද මේ වනවිට හෙළිව තිබේ .