ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වය.- කාමන්ත හා පොලිස් නිලධාරියා ඇවිලෙයි - සම්පූර්ණ වීඩියෝව මෙන්න. (UPDATE/VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
"අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය" විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර විරෝධතාවය ආරම්භ කිරීමත් සමඟ පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කරනු ලැබුවා.
එහිදී විරෝධතාකරුවන් සමන උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදුන්නා.
ඒ, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.