මෙහෙම ගියොත් ලංකාවට මොකක් වෙයිද ..

Sri Lanka Tourism Sri Lanka Tourism Israel
By Piyumika Oct 24, 2024 04:17 PM GMT
Piyumika

Piyumika

Report

 ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙරට නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග, ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, ඔවුන් පිටත් කර හැරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS)

නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS)

මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස අද අලුයම 03.03 ට ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාලසටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා, මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.

මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.

පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන් වහාම මේ ගැන දැනුවත් වෙන්න..ඔබේ දරුවා ඔවුන්ගේ ඉලක්කයයි..

පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන් වහාම මේ ගැන දැනුවත් වෙන්න..ඔබේ දරුවා ඔවුන්ගේ ඉලක්කයයි..

ඒ සම්බන්ධයෙන් මෙරට රැඳීසිටින විදේශිකයන් මෙලෙස අදහස් පළ කර තිබුණි.

"මම අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් ආවේ. මට කිසිම භයානකකමක් දැනුණේ නැහැ. මට කිසි අපහසුතාවයක් දැනුනෙත් නැහැ." "සියයට 100ක්ම ආරක්ෂිතයි. ඔස්ට්‍රේලියාවටත් වඩා ආරක්ෂිතයි." "මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒක හරිම අපූරු රටක්. රට ආරක්ෂිතයි."

අරුගම්බේ වෙරළ තීරය මෙන්ම ප්‍රදේශයේ සංචාරක ලැඟුම්හල් ආශ්‍රිතව ද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබුණි. මේ අතර විදේශිකයන් බහුලව ගැවසෙන ඇල්ල, වැලිගම, උනවටුන ඇතුළු සංචාරක කලාපවල ද ආරක්ෂක රැකවල් යොදා ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය.

පාස්කු වාර්තාව මට ලැබුණා...ඒක දේශපාලනයට ඈඳා ගන්න උවමනාවක් තිබ්බේ නැහැ..මොකක්ද රනිල් ඒ පාර මේ කියන්නේ..

පාස්කු වාර්තාව මට ලැබුණා...ඒක දේශපාලනයට ඈඳා ගන්න උවමනාවක් තිබ්බේ නැහැ..මොකක්ද රනිල් ඒ පාර මේ කියන්නේ..

අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු ලැබී තිබුණි. එහි දැක්වුණේ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි අතර ඒ සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවය. කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසීය.

ජනපති සටනට එයාලා මෙන්න මෙහෙමයි වියදම කලේ..වැඩිපුරම වියදම ගිහින් තියෙන්නේ හිතුවෙවත් නැති කෙනෙක්ට..

ජනපති සටනට එයාලා මෙන්න මෙහෙමයි වියදම කලේ..වැඩිපුරම වියදම ගිහින් තියෙන්නේ හිතුවෙවත් නැති කෙනෙක්ට..

එබැවින් ඉදිරි දින දෙක තුනකින් විදෙස් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති අවවාදාත්මක සංචාරක උපදේශන ඉවත් කර ගනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් ඇත.