වතුර බීවට මෙන්න මෙහෙමයි කියලා මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?. උදේන්ම.. උණු වතුර?. වෙන දෙය මෙන්න..
හැමෝම අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට ගොඩක් කැමතියිනෙ.
ඉතිම් පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම් දිනකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි.
නමුත්, මේ ආකාරයෙන් දිනකට වතුරු වීදුරු 08ක් වත් පානය කළ යුතු යැයි කියා එක්වරම වතුර බෝතල් ගණනින් පානය කිරීම ද වැරදි ක්‍රියාවක් වේ.
එසේ එක්වර ජලය පානය කිරීමට යාමෙන් විවිධ සංකූලතා මතුවිය හැකි ය.
ඒ නිසා අප නිවැරදිව ජලය පානය කළ යුතු වේ.
එනම්, සෑම පැය 1/2 කට වරක් වතුර අඬු කෝප්ප 01ක් වත් පානය කිරීමට හැකි නම් එය අපේ ශරීර සෞඛ්‍යයට යහපත් ය.
අපට දෛනිකව අවශ්‍ය ජලය ප්‍රමාණය අපටත් නොදැනීම ලබාගන්නේ කෙසේද කියා විමසා බැලීමේදී, ඇතැම් දෙනා නිතර ජලය පානය කිරීමට මැළිකමක් දක්වන හේතුවක් ඇත.
එනම්, නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවන බව පවසමින් ජලය පානය කිරීමේ හොඳ පුරුද්ද බොහෝ දෙනෙකු විසින් අතපසු කිරිමයි.
අප ජලය පානය කිරීමේදී සිදුකරන තවත් වැරදි ක්‍රියාවක් මෙහිලා සඳහන් කළ යුතුයි.
එනම්, අප ආහාර ගන්නා අතරතුරදී ජලය පානය කිරීමට පුරුදුව සිටීමයි. මෙසේ ආහාර ගන්නා අතරතුරදී ජලය පානය කිරීමට යමෙකු පුරුදුව සිටින්නේ නම් ආහාරය දරවීමට ආමාශයෙහි ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වීමෙන් ආහාර දිරවීමේ ගැටලු ඔහුට හෝ ඇයට මතුවිය හැකිය.
මහේෂි මධුශංකාගේ සැමියා යකා නටලා.. නිවසේ ආලින්දයේ පුටුවේ ඉද්දි එකපාරටම වුණ දෙය.. පොලීසියේ දෙකක් වහා රෝහලේ..
එසේම, ආහාර ගෙන අවසන් වූ පසුවත් ජලය වීදුරු ගණන් පානය කිරීමද අපේ ශරීරයට යහපතක් ගෙන දෙන්නක් නොවේ.
යමෙකු ආහාර ගැනීමට පැය 1/2 කටවත් පෙර වතුර අඬු කෝප්ප 01ක් සහ ආහාර ගැනීම අවසන් වූ පසුව වතුර අඬු කෝප්ප 1/4 ක් පමණ පානය කිරීම ජලය පානය කිරීමේ වඩාත් යෝග්‍ය ක්‍රමය වේ.
ඔබ උදෑසනින් අවදි වූ පසුව හිස් බඩ නිවුණු ජලය වීදුරුවක් පානය කිරීමට පුරුදුව සිටීමද ඉතාම වැදගත් ක්‍රියාවකි.
එහිදී, හිස් බඩ ජලය පානය කර පැය 1/2 ක් පමණ යනතෙක් වෙනත් පාන වර්ගයක් හෝ ආහාරයක් නොගැනීමට ඔබ වගබලා ගත යුතුය.
ඒ වගේම, ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මඳක් උණුසුම් ජලය වීදුරුවකට දෙහි බිංදු 3 – 4 ක් හෝ මී පැණි තේ හැඳි 1/2 – 1 ක් පමණ දමා පානය කිරීම ඔබේ ස්ථුලභාවය මට්ටු කිරීමට උපකාරී වේ.
සෑම මිනිසෙකුටම වඩාත්ම වැදගත් පෝෂකයක් වන්නේ ජලයයි.
උදේ පාන්දර හිස්බඩ වතුර බීමෙන් ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු වන අතර, ඔබ ශක්ති සම්පන්න කරයි.
ගොඩක් අය දන්නේ නැහැ ජලය පානය කිරීමේ වැදගත්කම ඒ නිසා ඔවුන් දවස පටන්ගන්නේ උදෑසන තේ හෝ කෝපි කෝප්පයෙන්.
නමුත් එය සෞඛ්‍යට හිතකර නැහැ.
උදෑසන හිස්බඩ ජලය පානය කිරීමෙන් ලැබෙන ප්රතිලාභ,
01. රුධිර සංසරණය වර්ධනය කරයි.උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි.
02. ශරීරයේ විෂ ඉවත් කරයි.වැඩියෙන් ජලය පානය කරන විට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වේ. එයින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන අතර ශරීරය පිරිසිදු කරයි.
03. කුසගින්න වැඩි කරයි.හිස්බඩ ජලය පානය කිරීම ඔබගේ ආහාර රුචිය වැඩි කිරීමට උපකාරී වේ.
04. වේදනාවට සහනය ලබා දෙයි.උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙන අතර දවස පුරා හොඳින් ජලය පානය කිරීමෙන් හිසරදය ඇතිවීමේ අවදානම අවම කරයි.
05. වයස්ගත පෙනුම නැති කර නිරෝගී පෙනුමක් ලබාදෙයි.ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නිරෝගී කර ප්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි.
06. ශක්තිය වැඩි කරයි.හිස්බඩ ජලය පානය කිරීම මගින් රතු රුධිර සෛල වේගයෙන් වර්ධනය කරන අතර රුධිරයේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇති වේ. එමගින් ඔබේ ශරීරයේ ශක්තිය වැඩි කරයි.
07. සිරුරේ බර අඩු කරයි.ඔබ ආහාර පාලනය කරනවා නම් වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරිරයේ බර අඩු කරගත හැකිය. ජලයේ කැලරි අඩංගු නොමැති බැවින් ඔබට අවශ්‍ය තරම් පානය කරන්න පුළුවන්.
08. වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.ජලය පානය කිරීමෙන් වකුගඩු පිරිසිදු කර එහි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතර ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමටද උපකාරී වේ.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනී
You May Like This Video👇
.