මහේෂි මධුශංකාගේ සැමියා යකා නටලා.. නිවසේ ආලින්දයේ පුටුවේ ඉද්දි එකපාරටම වුණ දෙය.. පොලීසියේ දෙකක් වහා රෝහලේ..

Report

ප්‍රසිද්ධ රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

එම පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පෙරේදා (19) රාත්‍රී රංගන ශිල්පිණිය බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ දී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබෙනවා.

ඒ ගමන මොකක් ද?. වහා අද සිට.. සාමාන්‍ය පෙළ විභාගය ගැන තවත් දැනුම්දීමක් මෙන්න..

ඒ ගමන මොකක් ද?. වහා අද සිට.. සාමාන්‍ය පෙළ විභාගය ගැන තවත් දැනුම්දීමක් මෙන්න..

එහිදී නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ සැකකරු එකවරම පොලිස් සැරයන්වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටී ඇත.

ඒත් සමගම එම ස්ථානයට ගොස් තිබූ සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේ දී එහි සිටි කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී ඇත.

එම ප්‍රහාරයෙන් එක් කොස්තාපල්වරයෙකු ද එම ස්ථානයේදීම බිමට වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයාව සහ කොස්තාපල්වරයාව නිවසින් පිටතට ගෙන, ඒ බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අධික ලෙස බීමත්ව සිට ඇත.

ඔහුගේ හිස ප්‍රදේශයට ද තුවාල සිදුවී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සමගම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත්, සැකකරුගේ අනපේක්ෂිත ප්‍රහාරයේ හේතුවෙන් සැරයන්වරයාගේ වම් ඇසට සහ කොස්තාපල්වරයාගේ දකුණු පාදයට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.

You May Like This Video👇 

.