තරුණයෙක්ගෙ අතවරයට ලක්වූ 14 හැවිරිදි දැරියට පොලිසිය ඇතුලෙදී නොහිතපු දෙයක් වෙයි..
තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක් එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කුලියාපිටිය කඳානගෙදර පොලිසියට පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු ද පොලිසිය තුළදීම දැරියට අතවර කිරීම පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙම දැරිය පැහැරගෙන ගිය තරුණයාට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඇය තම මවත් සමග කඳානේගෙදර පොලිසියට පසුගිය දා පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.
එදින කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කඳානගෙදර පොලිසියට පැමිණ තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ, එම අවස්ථාවේ මෙම දැරියගේ කටඋත්තරය සටහන් කරමින් සිටි පොලිස් කාන්තාවක් දැරිය එහි නතර කර විනාඩියකට දෙකකට වෙනත් අංශයකට ගිය අවස්ථාවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා දැරියට අතවරයක් සිදුකර ඇති බවයි.
මෙම සිද්ධිය සැළ වූ විගස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එහි පැමිණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිරමැදිරියට දමා ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.