මෙහෙම ගියොත් මොකක වෙයිද..ඊයේ දවසට ට්‍රාන්ෆෝමර් 8ක්ම ඉවරයි ..
විදුලිබල මණ්ඩලයේ ට්‍රාන්ෆෝමර්වල රුපියල් ලක්ෂ ගාණක් වටිනා වයර සොරා ගන්නා ජාවාරම් කරුවන් පිරිසක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත .
මේ ආකාරයට ලක්ෂ තුනක් පමණ වටිනා වයර් කිසියම් පිරිසක් විසින් ඊයේ දින මහ දවල් කපා ගෙන ගොස් තිබේ .
මුලතිව්, කලපාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මේ සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු මේ බව දැක විදුලිබල මණ්ඩලයේ මුලතිව් කාර්යාලයට දැණුම්දී තිබුණි .
අනතුරුව නිලධාරීන් පොලීසිය කැටුව පැමිණෙන විට සැකකරුවන් පලාගොස් ඇති අතර වයර් කැපීමට සැකකරුවන් විසින් භාවිත කළ පිහියා දෙකක්ද ඒ අසල දමා ගොස් තිබියදී පොලීසිය විසින් සිය බාරයට ගනු ලැබුවා .
මේ ආකාරයට විදුලි ට්‍රාන්ෆෝමර් 8 ක පමණ වයර් කපාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ .
ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් යළිත් අලුතින් වයර් සවි කිරීමට කටයුතු කළ අතර පොලීසිය සිද්ධියට සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත .
