ප්‍රබල දේශපාලන පක්ෂයක හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනී..

Report

විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම සැකකාර දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී යි.

ජූලි 4 වැනිදා ඡන්දයට පාර්ලිමේන්තුවක් විසුරුවාහරී..

ජූලි 4 වැනිදා ඡන්දයට පාර්ලිමේන්තුවක් විසුරුවාහරී..


සැකකරු ප්‍රබල දේශපාලන පක්ෂයක් නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔහු සන්තකයේ තිබී දුම්වැටි 6000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

වාර්තා වන තොරතුරු අනුව, එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බව පැවසේ.

ඕමානයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සැකකටයුතු ලෙස මරණයට

ඕමානයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සැකකටයුතු ලෙස මරණයට


අදාල සිද්ධිය සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.