ජූලි 4 වැනිදා ඡන්දයට පාර්ලිමේන්තුවක් විසුරුවාහරී..

Report

ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂය වන අතර, පක්ෂ නායක රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබයි.

ජූලි 4 වැනිදා ඡන්දයට පාර්ලිමේන්තුවක් විසුරුවාහරී.. | A Parliament Dissolved

අග්‍රාමාත්‍ය සුනාක් මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ, ඔහු සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී ඇති අවස්ථාවක වීම ද විශේ්වයක්.

එහෙයින් විපක්ෂය වන කම්කරු පක්ෂයට මහ මැතිවරණය ජය ගැනීමට හැකිවනු ඇති බවයි බොහෝ දේශපාලන විචාරකයින් පවසන්නේ.

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන ගණන 650 ක් වන අතර, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටයි.

විපක්ෂය වන කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නීතීඥවරයකු ද වන කිර් ස්ටැමර් වන අතර, කම්කරු පක්ෂය මැතිරණය ජයග්‍රහණය කළහොත්, කීර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.