ඇඹිලිපිටිය නගරයේ ව්‍යාජ ඡන්ද පොළක්...

Report

ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා එහි ප‍්‍රතිඵල මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජනක ප‍්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා.

කාර්යාල වේලාවේ තැපැල් ස්තනාධිපතිවරිය දිවි නසා ගනී...

කාර්යාල වේලාවේ තැපැල් ස්තනාධිපතිවරිය දිවි නසා ගනී...

ඒ අනුව කළ සොයා බැලීම් වල දී අනාවරණය වී ඇත්තේ, පසුගිය අගොස්තු 21 හෝ ඊට ආසන්න දිනයක ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට දී තෝරාගත් පිරිසකට ඡන්ද පත‍්‍රිකාවක් ලෙස සැකසු කොළයක් ලබාදි ඇති බවත් එහි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් හයදෙනෙකුගේ නම් එහි සටහන් කර තිබු බවත් ය.

එහි රනිල් වික‍්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුරකුමාර දිසානායක, නාමල් රාජපක්‍ෂ, දිලිත් ජයවීර, සිරිතුංග ජයසුරිය යන නම් හය තිබී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණයට යුරෝපා සංගමය...

ජනාධිපතිවරණයේ නිරීක්ෂණයට යුරෝපා සංගමය...

නගරයට ආගිය දහසකට පමණ එම ව්‍යාජ ඡන්ද පත්‍ර ලබා දී ඡන්ද මධ්‍යස්ථානයක මෙන් කාඩ්බෝඩ් වලින් ආවරණය කළ ස්ථානක සිට ඡන්දය ලකුණු කර අසල වු පෙට්ටියකට ඒවා දමා ඇති අතර ඉන් පසු ඡන්ද ප්‍රමාණය ගණන් කර එහි ප‍්‍රතිඵලය යැයි කියන දත්ත මුහුණු පොත මගින් ප‍්‍රචාරය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මොවුන් මෙම වීඩියෝව ඒ ඒ අපේක්‍ෂකයා ගත් ඡන්ද ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය ප‍්‍රස්ථාරයක් මගින් දක්වමින් ඇඹිලිපිටියේ ජනතාවගේ තීරණය බව දක්වමින් මුහුුණු පොතේ දක්වා ඇත.