කාර්යාල වේලාවේ තැපැල් ස්තනාධිපතිවරිය දිවි නසා ගනී...
By Parami Dissanayake
වල්ගම්මුල්ල ,අලිවලපල්ල පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් වන තැපැල් ස්ථානාධිපතිවරිකගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය පැවසී ය.
මෙලෙස මියගොස් තිබුණේ, කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියයි.
එමෙන් ම, පොලිසිය සඳහන් කර ඇත්තේ, ඇය ගෙල වැලලාගත් ස්ථානයේ තිබූ මේසයක් මත ඇය පරිහරණය කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ කැමරාව සිරුර දර්ශනය වන අයුරින් ක්රියාත්මකව තිබූ බවයි.