ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට තීරණයක්...

Report

අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ඉදිරි මාස 03ක කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මත පදනම්ව අදාළ අනුමැතිය ලැබී ඇති බව සඳහන් වේ.

ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලන ලෙසත්, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ ජුලි 15 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් ලබා දෙමින් ය.