ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

Report

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය පැවැත්වීම සඳහා වන සියලු කටයුතු සංවිධානය කොට ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පැවසීය.

චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් සිදු වූ භයානක අනතුර..

චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් සිදු වූ භයානක අනතුර..

එම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් මස 07,08 සහ 09 යන තෙදින තුළ පැවැත්වීමට සංවිධානය කර ඇත .

මෙම විවාදයේ පළමු වටය එළැඹෙන 07 වනදා පවත්වනු ලබන්නේ ජනාධිපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ සහභාගී වන අතර එහි දෙවන හා තෙවන වට සඳහා අපේක්ෂකයෝ 12 දෙනෙකු පමණ සහභාගී වන බව දන්වා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පවසයි .

නීතිය නොසැලකූ නීතිඥවරයාට වැඩ වරදි..

නීතිය නොසැලකූ නීතිඥවරයාට වැඩ වරදි..

විවාදයේ පළමු දිනය සඳහා ජනාධිපති අපේක්ෂකයන්ගේ වශයෙන් සජිත් ප්‍රේමදාස, නාමල් රාජක්ෂ, දිලිත් ජයවීර සහ පාක්කිය සෙල්වම් අරියනේත්තිරන් සහභාගී වන බව දැනුම් දී තිබේ.

මේ අතර අනුර කුමාර දිසානායක මෙතෙක් සහභාගී වන බව දැනුම් දිමිට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නොහැකි බව දන්වා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.