ප්‍රසිද්ධ නගරයක මන්ත්‍රීවරයෙක් සහ විදුහල්පතිවරයෙක් අතර උණුසුම් තත්ත්වයක්..
ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම සහ මතුගම විදුහල්පතිවරයකු අතර ඊයේ (3) ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
මතුගම නගරයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර තමන්ට පහරදුන් බවට මන්ත්‍රිවරයාත්, විදුහල්පතිවරයාත් මතුගම පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අයත් ඉඩමක් මතුගම නගර මධ්‍යයේ පිහිටා ඇති අතර ඊට යාබද ඉඩම අයත්ව ඇත්තේ කළුතර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකුට බවයි පැවසෙන්නේ.
විදුහල්පතිවරයා තවත් පිරිසක් සමගින් ඊයේ උදෑසන ඉඩමේ කටු වැටක් සවිකිරීමට යාමේදී මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් එහි පැමිණ විරෝධය පළකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මතුගම පොලිසිය පවසන්නේ, පසුව දෙපාර්ශ්වය අතර උණුසුම් වාග් හුවමාරුවක් සිදුව ඇති බවත්, එහදී මන්ත්‍රිවරයා විසින් විදුහල්පතිවරයාට පහරදීමට උත්සහ දරා ඇති බවයි.
කෙසේවෙතත්, මෙම ආරවුල සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකෙන්ම ලද පැමිණිලි මත මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ පැමිණිලි විභාගය සිදුකර දෙපාර්ශ්වයම සමාදාන කර යවා ඇත.
මේ අතර ඉඩමේ ආරවුල ගැන කළුතර දිසා අධිකරණයේ නඩුවක් ද පැවරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
