තනිව නිවසට ගිය පස් හැවිරිදි දරුවාගේ අවාසනාවන්ත ඉරණම ..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Sep 04, 2024 02:48 AM GMT
Piyumika

Piyumika

Report

බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දියේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි බටපොල පොලිසිය සඳහන් කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

පන්ති නිම වී නිවසට පැමිනෙමින් සිටි දුලාශී සදහටම යන්න යයි..

පන්ති නිම වී නිවසට පැමිනෙමින් සිටි දුලාශී සදහටම යන්න යයි..

මෙම දරුවාගේ පියා වෙළඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා වෙළෙඳසැලේ සිට තනිව නිවසට ගොස් නැවත පැමිණ නොමැත.

එම නිසා පියා විසින් සොයා බැලීමේදී නිවසේ පිටුපස වගා බිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක ගිලී සිටියදී සොයා ගෙන තිබේ .

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

පසුව දරුවා ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, බටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.