කාලගුණයේ වෙනස්වීමක්...වැසි තත්ත්වයත් වැඩිවෙයි

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini May 17, 2025 01:05 AM GMT
Hashini

Hashini

Report

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන්.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Vitzට වඩා ලාභෙට Land Cruiser විකුණලා...ජනපති කාර්යාලයේ වාහන වෙන්දේසියේ මිල ගණන් මෙන්න

Vitzට වඩා ලාභෙට Land Cruiser විකුණලා...ජනපති කාර්යාලයේ වාහන වෙන්දේසියේ මිල ගණන් මෙන්න

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ අතර වයඹ, උතුරු - මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.  

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

ReeCha