Vitzට වඩා ලාභෙට Land Cruiser විකුණලා...ජනපති කාර්යාලයේ වාහන වෙන්දේසියේ මිල ගණන් මෙන්න

Report

 ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දාහතක් වෙන්දේසියේ අලෙවි කිරීම පසුගියදා සිදු වුණා.

එම අලෙවි කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවේචන එල්ල වෙමින් පවතිනවා.

මෙම වෙන්දේසිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීත් සමාජ ජාලාවත් අදහස් පළවෙමින් තිබෙනවා.

ඒ මගින් පෙන්වා දෙන්නේ මෙම වාහන අලෙවි කර ඇත්තේ වෙළඳපොලේ දැන් පවතින මිලට වඩා ඉතා පහළ මිල ගණන් යටතේ බවය.

අද මේ ලග්න වලට සමාජයේ වැඩි සැළකිලි ලැබෙන දවසක්..

අද මේ ලග්න වලට සමාජයේ වැඩි සැළකිලි ලැබෙන දවසක්..

හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක භාවිතා කල පොෂේ වර්ගයේ මෝටර් රථය අලෙවි කර ඇත්තේ දැනට වෙළඳපොලේ පවතින ටොයිටා රේස් වර්ගයේ රථයකට වඩා අඩු මිලකටය.

ටෝයොටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහනයක් අලෙවි කර ඇත්තේ ටොයොටා විට්ස් වෙනුවට හදුන්වා දී ඇති යාරිස් රථයකට වඩා අඩු මිලකටයි.

අදාල වෙන්දේසිදි වාහන අලෙවි වූ මිල ගණන් සඳහන් ලේඛනයක් සමාජ ජාල වලද හුමාරුවෙමින් තිබෙනවා.

මෙම වාහන වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 200ක මුදලක් උපයාගෙන ඇතත් චෝදනා එල්ල වන්නේ මෙම වාහනවල වෙළඳපොල වටිනාකම අවම වශයෙන් රුපියල් කෝටි පනහ ඉක්මවනු ඇති බවටය. 

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?