දෙදරු පියෙකු ගත් හදිසි තීරණය..
අද (12) දින උදෑසන පයාගල, හාල්කඳව්ල, සිංහගම ප්රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් යාබද වත්තක පාළු නිවසක් ඉදිරිපිට බාල්කයක එල්ලී දිවි තොර කරගෙන තිබෙන පුවතක් වාර්ත විය
මෙසේ මියගොස් ඇත්තේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන වයස අවුරුදු 38ක් වූ ගුලවිට ගණිතගේ සුමිත් වීරසිංහ නැමැත්තෙකි.
ඔහු මේසන් වැඩ කම්කරුවෙකු ලෙස සිය ජීවිකාව ගත කර ඇති බව සදහන් වන අතර පාලු නිවසේ ඉදිරිපිට බාල්කයේ එල්ලී මියගොස් තිබිය දී අද (12) උදෑසන සිරුර හමු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මියගිය තැනැත්තා ඊයේ (11) දින උදෑසන තම සොහොයුරාගේ නිවසේ පැවැත්වෙන් කොට හලු මඟුලට උදව් කිරීමට යන බව බිරිඳට පවසා නිවසින් පිටත්ව ඇති අතර සවස්වන වනතෙක් ඔහු නිවසට නොපැමිණී හෙතුවෙන් නිවැසියන් ඥාතීන් හා ප්රදේශවාසීන් එක්ව මොහු පිළිබඳව අවට ප්රදේශවලින් ද විමසා තිබුණා ඒ පිළිබඳව තවදුරටත් සොයා බලා ඥාතියකු යාබද පාලුවත්ත පරික්ෂා කිරීමේ දී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල් හෙට්ටිආරච්චි අද (12) සිදුකළ මූලික මරණ පරීක්ෂණයෙන් අනතුරුව පායාගල පොලිසියට හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට උපදෙස් දී සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත යොමු කරන ලෙස දන්වා තිබුණා.