තවදුරටත් රාජකාරී කිරීම අපහසු බව පවසා අතුරුදහන් වූ OIC සොයා මෙහෙයුම් ..

Report

තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙන්න මේ අයට නම් හෙට දවසේ විශේෂ අවස්ථාවක්..

මෙන්න මේ අයට නම් හෙට දවසේ විශේෂ අවස්ථාවක්..

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.පොලිස් පොතේ සටහනක් යොදා පිටව ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට අවශ්‍යව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු ඉන්නා තැනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැන කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ද දැනගැනීමට ලැබී නොමැති බව පොලිස් මාර්ග සඳහන් කළේය.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු වැඩ තහනමකට ලක් වී පසුව යළි සේවයේ පිහිටුවා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී භාරගෙන සිටියේය.

නොවැළක්විය හැකි හේතුවක් නිසා ඔයාටත් බැරි උනාද ,.කමක් නැහැ හැබැයි අද සහ හෙට අවස්ථාව මග හැර ගන්න එපා..

නොවැළක්විය හැකි හේතුවක් නිසා ඔයාටත් බැරි උනාද ,.කමක් නැහැ හැබැයි අද සහ හෙට අවස්ථාව මග හැර ගන්න එපා..


මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට මාස කිහිපයකට ඉහතදී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.