මාස 9කට පෙර මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් නිවසේ..

Report

කළුතර දකුණ පොලිසිය පවසන්නේ, මාස නවයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බවයි.

මෙලෙස හමුව ඇත්තේ, කළුතර දකුණ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මද්දුව දේදගේ සිරිල් දයානන්ද නමැති පුද්ගලයකු 70 හැවිරිදි පුද්ගලයකු ගේ මළසිරුරකී.

කළුතර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .