ඇපල් සන්නාම පාරිභෝගිකයන්ට තවත් ආඩම්බරයක්..
By Piyumika
ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ ලොව පළමු සන්නාමය බවට පත්වීමට Apple සමාගම සමත් වී ඇත.
ඒ, ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar's BrandZ විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුවය. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා සිටින්නේ, ඩොලර් බිලියන 753ක වටිනාකමකටට හිමිකම් කියන ගූගල් සන්නාමයයි.
එහි තුන්වැනි ස්ථානය ඩොලර් බිලියන 713 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන මයික්‍රොසොෆ්ට් සන්නාමය විසින් හිමි කරගෙන තිබේ .

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..
කෙසේ නමුත් මෙම වසරේ දී ද ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇති අතර, ඒ අඛණ්ඩව තෙවැනි වතාවට වීම ද විශේෂත්වයකි.