මේ කොට්ඨාසවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන්න ..වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්..

By Piyumika Nov 27, 2024 03:49 AM GMT
Report

දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් ඇති අතර, ගංඟා බොහොමයක්ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ඉංජිනේරු ජී. ඩබ්ලිව්. ඒ. සතුරා දිල්තාරා මහත්මිය පවසන්නේ, අද (27) අලුයම වනවිට දැඳුරු ඔය ජලාශයේ තත්ත්පරයට ඝන අඩි 32,145 ධාරිතාවයකින් ජලය මුදාහරින බවය.

ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

මේ නිසාවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව හා රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දිල්තාරා මහත්මිය සඳහන් කළාය.

මේ අතර රාජාංගණය ජලාශය තත්ත්පරයට ඝන අඩි 3,520කින් සහ කවුඩුල්ල ජලාශය තත්ත්පරයට ඝන අඩි 1,000ක ප්‍රමාණයකිනුත් ජලය මුදාහරින බව ඇය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම යාන් ඔය ජලාශය තත්ත්පරයට ඝන අඩි 6,099කින්, පරාක්‍රම සමුද්‍රය තත්ත්පරයට ඝන අඩි 5,046ක ධාරිතාවයකින් ජලය මුදාහරී.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිස්ටලිනාගෙන් ඇගයීමක්‍..

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිස්ටලිනාගෙන් ඇගයීමක්‍..

මේ අතර මහවැලි ගඟේ පහත්බිම්වල ජීවත් වන ජනතාව ද මෙම ගංවතුර අවධානමේ පවතින නිසාවෙන් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම්දෙයි.

"මෙම වාරි ජලාශයන්හි වාන් දැමීමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ යාහැකි. එම නිසා ඒ පිළිබඳව පහත්බිම්වල වෙසෙන ජනයා දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා."


You may like this video