රජයෙන් ලබාදෙන සහනාධාර මුදල් රු. 5,000 කින් ඉහළට - නව සහනාධාරය රු. 30,000 ක් දක්වා
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ ගොවීන්ගෙන් 90% කට යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දී ඇති බවයි.
ඉතිරි ගොවීන්ට ද හැකි ඉක්මනින් පොහොර සහනාධාරය ලබා දෙන බව එහි කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කළේය. රජය විසින් ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 5,000 කින් වැඩි කර ඇත.
ඒ අනුව, හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය දැන් රුපියල් 30,000 කි.