විදේශ රැකියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට රු. කෝටි 8ක වන්දි
විදේශ රැකියාවේ නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමික කාන්තාවන් සිව්දෙනෙකු වෙනුවෙන් විදේශ රක්ෂණාවරණය යටතේ රු. 8,213,556ක (රුපියල් කෝටි එකක් ලක්ෂ එකෝළහක් දහතුන්දහස් පන්සිය පනස්හයක්) වන්දි මුදලක් පසුගියදා පිරිනමා ඇත.
මෙම වන්දි හිමිවූයේ කුවේට්හි රැකියාවේදී මියගිය ඩබ්.ඒ. ධම්මිකා, ඩබ්.පී. සීතා පද්මකුමාරි, චානිකා මදුශානි සහ සෞදි අරාබියේදී මියගිය නාලිනි ද සිල්වා යන මහත්මීන් වෙනුවෙනි.
- ඩබ්.ඒ. ධම්මිකා : රු. 4,700,000ක වන්දි මුදල ඇයගේ සැමියාට සහ දියණියන් දෙදෙනාට.
- සීතා පද්මකුමාරි : රු. 4,504,482ක වන්දි මුදල ඇයගේ පුත්‍රයාට සහ දියණියට.
- චානිකා මදුශානි : රු. 4,504,482ක වන්දි මුදල ඇයගේ දෙමව්පියන්ට.
- නාලිනි ද සිල්වා : රු. 4,504,482ක වන්දි මුදල ඇයගේ දියණියට.
මෙම වන්දිවලට අමතරව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියේදී හිමිවන නොමිලේ රක්ෂණ වන්දි මුදල්ද ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.

මාලිමාවේ ඇමතිලට හරියට වැරදෙනවා එක්කෙනෙක් 225ක් වැහුනලු අනිත් කෙනා පැනලා නොබෙල් කියන්න ගිහින් කෙළෝ ගත්තා - චාමර