අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..
ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
එම සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණේ මෙම වසර මුලදී බවයි පැවසෙන්නේ.
අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් අනුමැතිය ගත් නමුත් මේ දක්වා එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති වීම නිසා බවයි වාර්තා වුනේ.
එහෙත් පවතින මුදල් කළමනාකරණය කර ගනිමින් දීමනාව වැඩි කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
දැනට දිනක ආහාර වෙනුවෙන් සිසුවෙකුට ලැබෙන්නේ රුපියල් එකසිය හැටක් බවයි පැවසෙන්නේ.
මේ අතර, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් (28) දින නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරාගෙන එම වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම් වලට එම වතු පවරා දෙන බවයි.
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට තිරණය කල බවත්, නාවලපිටිය ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදු කර ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
වසර පහකට වරක් වතු කම්කරුවන් වෙත පැමිණෙන වතුකරයේ දේශපාලඥයින් විවිධ පොරොන්දු ලබාදෙමින් ජන්දය ලබාගෙන යන බවත්, ඡන්දයෙන් අනතුරුව එසේ පැමිණි කිසිදු දේශපාලඥයෙකු එම පොරොන්දු ඉටු නොකලද තමන් ජන්දයේදි පොරොන්දු වු සියළුම දේවල් මේ වනවිට ඉටු කරමින් පවතින බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.