කොළඹ ගබඩා සංකීර්ණයක තිබී හමු වූ දේ..
කොළඹ 15 ශ්රි ඥාණානන්ද මාවතේ පිහිටි ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්, රුපියල් ලක්ෂ 40 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්රෑම් 765ක් සිය භාරයට ගෙන තිබෙනවා
සැපයුම්කරුවෙකු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිව හා කිසිදු තොරතුරක් සදහන් කිරීමකින් තොරව අදාළ කහ තොගය වෙලදපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.
පසුව කල පරීක්ෂණයේදී මෙම කහ තොගය ඉන්දියාවෙන් ආනයනය කල බවට තොරතුරු අනාවරණය වි තිබේ.
You may like this video