මීගමුවේ ගැටුමෙන් බන්ධනාගාරයට දැඩි හානි - වටිනා බඩු රැසක් කුඩු පට්ට්ම් කරලා
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව, එහි රැඳවියන් 700කට ආසන්න පිරිසක් වැලිකඩ, අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහාම මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් මීගමුව බන්ධනාගාරය තුළ සවිකර තිබූ සමස්ත CCTV කැමරා පද්ධති සහ මිල අධික බොඩි ස්කෑනර් යන්ත්‍රය ද සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව බන්ධනාගාර බලධාරීන් වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම සිදුකෙරුණේ යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන්ගේ දැඩි රැකවල් මැදය.
එහිදී ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා සන්නද්ධ බපල් රථ පවා පෙරටු කර ගනිමින් රැඳවියන් ප්‍රවාහනය කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.