ප්‍රබල භූකම්පනයෙන් පිලිපීනයට දැඩි හානි – 19 දෙනෙකු මරුට [UPDATE]

Report

පිලිපීනයේ මින්ඩනාඕ දූපත් ප්‍රදේශය ආසන්නයේ අද (08) උදෑසන සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 19 දෙනෙකු පමණ මියගොස් තවත්   200 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පිලිපීන වේලාවෙන් පෙරවරු 7.37ට පමණ සිදුව ඇත.

එය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් හටගෙන ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර තිබේ

ලෝකෙම සලිත කරමින් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් - ප්‍රබල භූමිකම්පාවෙන් තිදෙනෙක් මරුට

ලෝකෙම සලිත කරමින් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් - ප්‍රබල භූමිකම්පාවෙන් තිදෙනෙක් මරුට

භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 138ක් පමණ වාර්තා වී ඇති අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ

මේ අතර, භූ කම්පනය හේතුවෙන් ඇතිවිය හැකි මුහුදු රළ අවදානම සැලකිල්ලට ගනිමින් පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සදහන්ය