ලෝක බලවතා හෙල්ලෙයි - රුසියාවේ ප්‍රබල භූමිකම්පාවක් - ලෝකයම අවදානයෙන්

Report

රුසියාවේ කම්චට්කා අර්ධද්වීප කලාපයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම භූ කම්පනය සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 3:35 ට පමණ ය. රුසියාවේ නැගෙනහිර පිහිටි කම්චට්කා අර්ධද්වීපයේ, පසුගිය දින කිහිපය තුළ භූ කම්පන මාලාවක් වාර්තා වී තිබේ.

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ඔසර්නොව්ස්කි (Ozernovsky) නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 76ක් දුරින් හටගත් මෙම නවතම භූමිකම්පාව, රික්ටර් මාපකයේ 7.0ක ප්‍රබලතාවක් පෙන්නුම් කර ඇත.

භූමිකම්පාවෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. මෙම භූ කම්පන ක්‍රියාකාරකම හේතුවෙන් කිසිදු අනතුරක් නොමැති බව එක්සත් ජනපද ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් සිදුවූ යම් හානියක් හෝ ජීවිත හානියක් පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්