වතුර වළකට වැටී මිය ගියායි කී බිළිදාගේ මරණය සැක සහිතයි..

Report

කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තකු ඊයේ (08) දහවල් නිවස අසල තිබූ වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පැවසීය .

කොණ්ඩය කපා පැමිණෙන ලෙස පවසා උසස් පෙළ සිසුවාට පහර දුන් විදුහල්පති සහ ගුරුවරුන් 5ක් අත්අඩංගුවට ..

කොණ්ඩය කපා පැමිණෙන ලෙස පවසා උසස් පෙළ සිසුවාට පහර දුන් විදුහල්පති සහ ගුරුවරුන් 5ක් අත්අඩංගුවට ..

මෙලෙස මිය ගිය දරුවාගේ මව, නිවසේ සිටි තවත් කුඩා දරුවකුට මෙම දරු සිගිත්තා බලා ගන්නට බාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් ඇති අතර සිඟිත්තා නිවස අසල තිබූ වතුර වළකට වැටී ඇති බවත් අනෙක් කුඩා දරුවා සිඟිත්තාව ගොඩට ගෙන වැඩිහිටියන් හා එක්ව ඔහු රෝබේරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

යුක්‍ර්නයේ විශාලතම ළමා රොහලකට රුසියන් මිසයිල ප්‍රහාරයක් ..(VIDEO)

යුක්‍ර්නයේ විශාලතම ළමා රොහලකට රුසියන් මිසයිල ප්‍රහාරයක් ..(VIDEO)

මෙම මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය.